saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 5406 hours ago

LATEST

ගෝඨාභය ආණ්ඩුවේ රහස් රැසක් උදය හෙළි කරයි

calendar_today 2022 නොවැ 12 - 14:21 remove_red_eye - 1645  

ආර්ථිකය ඇද වැටීම ඉක්මන් කළ අනිත් තීන්දු තුනම බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගෙන ඒම වෙනුවෙන් ගත්තු තීන්දු. මේ අයියලාට ලොකු ඕනැකමක් තිබුනා බැසිල් මල්ලිට ඇමෙරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්න සලස්වන්න. ඒකට 20 වන සංශෝධනය සම්මත කර ගන්න ඕනෑ. ඒකට පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් දිනා

මම මැරෙන්නේ මේ රටේ කවදාහරි. මගෙ තාත්තා ඉපදුනේ මේ රටේ. අපි හොඳ බොදු ගොවි දකුණේ මිනිස්සු. මගේ තාත්තා ඉපදුනේ මේ රටේ. අති පණ්ඩිත හාමුදුරුවරු බිහිවුණ පරම්පරාවකින් අපි ඒන්නේ. මම මේ රටට අයිති කෙනෙක්. මම මේ රටේ.

Read More

වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත. මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් ඊයේ (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 768 300ක මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව යළිත් අංක දෙකේ අගයකට පැමිණ තිබේ. ඒ් ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් 15ක් වාර්තා වීමත් සමගිනි. මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණයක්ද වාර්තා වී තිබේ.

Read More

ඔක්තොබර් මාසයේ ශ්‍රමික ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායකකාර මහතා පවසයි.

Read More

ඩීසල් මිල රු. 15කින් ඉහළ දැමූවත් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

Read More

අද රාත්‍රි යේ සිට ක්‍රියාත්මක කර ඇති මෙම මිල වැඩිවිම අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 15 කින් හා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.

Read More

’’මේ අය මේ හදන්නේ, ඊළඟ අවුරුදු පහට රස්සාව හදා ගන්නයි, අනුරාධපුරයේ ඉපදිච්ච එකෙක් මෙතන ඉන්නවනම් රැස්වීම් භූමියෙන් පලයල්ලා, තොපිට සාප වේවා. මේ රට කාලා අර ගෝඨාභය ගෙන් ඉල්ලා පොහොර ටික ගොවියන්ට නැති කරල රට විනාශ කරලා ඊට පස්සේ දැන් උත්තර සභාවල් හදා ගෙන. උඹලට අනුරාධපුරයේදී ජාතිය රවට්ටන්න දෙන්නේ නැහැ සාප වේවා’’

Read More

හුංගම පාසලක 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 10ක ශි්‍යාවයකට අමානුෂිකව පහරදුන් බව කියන එම පාසලේ ගුරුවරයෙක් අද (11දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ 43 සේනාංකයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (11) පැවැත්විණ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුලු නියෝජිත පිරිසක් ද, 43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංජිනේරු සුමේද රත්නායක, වෛද්‍ය සංකල්ප මාරසිංහ, බන්දුල චන්ද්‍රසේකර යන 43 සේනාංක නියෝජිතයන් ද මේ සාකච්ඡාව සඳහා එක් විය.

Read More

බලයට කෑදර විපක්ෂයේ කණ්ඩායම් රට ස්ථාවර වන මොහතේ ඡන්දයක් ඉල්ලිම බංකොලොත් දේශපාලනඥයින්ගේ උප්පරවැට්ටියක් බවත් නියමික කාලයට මැතිවරණ පැවැත්විමට රජය ක්‍රියා කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

Read More

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ සාලිය හස්තියා වාර්ෂික මද කිපීමෙන් පසුව බැහුම් ලිහීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව ඊයේ (10) විහාරස්ථ පරිශ්‍රයේදී සිදුකෙරිණි.

Read More

විදුලි කප්පාදුව සඳහා හෙට (12දා) හා අනිද්දා (13දා) පැයක කාලයක් බැගින් සහ ලබන සඳුදා (14දා) පැය දෙකක කාලයක් සඳහාත් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය දී තිබේ.

Read More

එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර අද (11දා) ජනාධිපති කාර්යාලයේ දී බාර දුන්හ.

Read More

දේශිය වෙළඳපොළේ බී ළුණු මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙළඳුන් පවසති.

Read More

මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට ඊයේ (10දා) පැවති ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය කෙරිණි.

Read More

නීතිවිරෝධි අයුරින් සංචාරක වීසා මගින් කාන්තාවන් ඩුබායිහි රැකියා සඳහා යැවූ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නොවැම්බර් 17දා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11දා) නියෝග කළේය.

Read More

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසල් සඳහා මත්පැන් අලෙවි බලපත්‍ර ඉල්ලා ඇති බව වාර්තාවේ.

Read More

විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය හා පාකිස්ථානය අතර එළඹෙන ඉරිදා (13දා) පැවැත්වෙන අවසන්මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අයි.සී.සී.ය නිවේදනය කර ඇත.

Read More

අසනීප තත්ත්වයක් බව පවසා දැරියක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අද (11දා) බාර දුන් පුද්ගලයින් දෙදෙනෙකු ක්ෂණයකින් රෝහලෙන් අතුරුදහන්ව ඇති අතර එම දැරිය මිය ගොස් සිටි බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලය පුරා සිදු වූ ප්‍රමාදය නිවැරදි කිරීමට කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් සුපිරි ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ කුමාර් ධර්මසේන මහතා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන්මහා තරගයේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) නම් කොට ඇත.

Read More

පාසල් පොත් ඇතුළු අනෙකුත් උපකරණ වල මිල ඉහළ ගොස් ඇති නිසා පාසල් දරුවන් අසරණ වී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Read More

පාසල් දරුවන්ට වෙනදා මෙන් ආහාර නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

Read More

දුක්කරදරවලට සැනසීම සොයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීමට පැමිණෙන ජනයාගේ සිත් නිමෙන ආකාරයෙන් කටයුතු කිරීමතම අරමුණ බව අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පවසති.

Read More

පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරන ලද ජාතික සභාව මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු 02ක් පත් කරනු ලැබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ පළමු වාර්තාව ඊයේ (10) දින ජාතික සභාව වෙත ඉදිරිපත් කොට තිබේ.

Read More

ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති අඩු පීඩන කලපාය හේතවෙන් උතුරු හා උතුරු මැද පළාත්වලත් පුත්තලම හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද අලුයම 2.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය පැය 24ක කාලයක් සඳහා වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.