කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු හා මාධ්‍ය ලේකම්වරයා වන තමාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණයක් මුලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා හෙට (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට නියමිත බව ඒ මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් තමන් විසින් සිදු කරනු ලැබූ සමාජ සමීක්ෂණයක් පදනම් කොට ජනමාධ්‍ය පලවු වාර්තා ඉතා වැරදි සහගත සහ පක්ෂග්රාහී ලෙස විශ්ලේෂණය කරමින් විමර්ශන වාර්තාවක් සකස් කරමින් එම විමර්ශන වාර්තාව හරහා තමන්ගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බවත් වැඩි දුරටත් ඒ මහතා සඳහන් කලේය.
වෛද්‍ය චමල් සංජීව මහතා මීට පෙර මේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර මෙම සතියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ යුනිසෙෆ් ආයතනයට ද ස්වකීය නීතිඥයින් මාර්ගයෙන් පැමිණිලි කිරීමට නියමිතව ඇත.
රෝහණ ආරියරත්න