රජයේ පාලන මිලට බිත්තර අලෙවි කිරිමට නොහැකිවිම හේතුවෙන් වෙළඳපොළ තුළ විශාල බිත්තර හිගයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වෙයි. රජය විසින් බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙස ගැසට් කර තිබේ.
කෙසේ වෙතත් බිත්තර නිශ්පාදකයන් සිල්ලර විකුණුම්කරුවන් වෙනුවෙන් බිත්තර අලෙවි කිරීමට ලබාදෙන්නේද එම මිල ඉක්මවා ගිය අගයකට බව සිල්ලර වෙළෙන්දෝ පෙන්වා දෙති.
පාලන මිල ඉක්මවූ මිලකට බිත්තර මිලදී ගෙන පාලන මිලට බිත්තර අලෙවි කර අලාභ ලැබීමට නොහැකිවිම හේතුවෙන් තමන් බිත්තර මිලදි නොගන්නා බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
මේ අනුව වෙළඳපොළ තුළ බිත්තර හිගයක් නිර්මාණය වී ඇති අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කරයි.