2023 වර්ෂය සඳහා වන අයවැය හෙට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවර අයවැයේදි රජය දැරීමට අපේක්ෂා කරන වියදම රුපියල් බිලියන 7885ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2022 වසරේ රජය අපේක්ෂා කළ වියදම රුපියල් බිලියන 6100ක් බවත් ඒ අනුව රුපියල් බිලියන 1785කින් පමණ මෙවර වියදම වැඩිවී ඇති බවත් අමාත්‍යවරයා පැවැසිය. මෙය සියයට 29.2ක වැඩිවිමක බවද ඔහු පැවැසීය.
ණය වාරික හා පොලිසය සඳහා රුපියල් බිලියන 4218ක් වැය කිරිමට සිදුව ඇති බවද අමාත්‍යවරයා පැවැසීය. මෙවර අංක එකේ වියදම ලෙස සමාජ සුබසාධනය පත්ව ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.