ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වීම වෙනුවෙන් ගමන් කරමින් සිටියදි අනතුරට ලක්වූ යාත්‍රා වේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිස රැගත් නෞකාව පසුගියදා සිංගප්පූරුව හා වියට්නාමය අතර මුහුදේදී අනතුරකට ලක්ව පැවැති අතර පසුව ඒ අසළින් ගමන් කරමින් තිබූ ජපානයට අයත් යාත්‍රාවක් මගින් ඔවුන් බේරාගෙන වියට්නායමට භාර දීමට කටයුතු කෙරණි.
මේ වන විට ඔවුන් වියට්නාමයේ සරණාගත කඳවුරක යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය හරහා ඔවුන් වෙනත් රටක සරණාගතභාවය ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව මගින් ගමන් කරමින් සිටියදී ඔවුන් මෙසේ ආපදාවට පත්ව තිබුණි.
මෙසේ මුදාගත් පිරිස අතරට පිරිමි පුද්ගලයන් 264ක්, කාන්තාවන් 19ක් සහ ළමුන් 20ක් ඇතුළත් වෙයි.