saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4866 hours ago

LATEST

රැජිනගේ අභාවය ගැන ජනපතිගේ ශෝකය

calendar_today 2022 සැප් 09 - 07:20 remove_red_eye - 376  

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමගින් නව රජතුමා ලෙස චාල්ස් කුමාරු පත්ව තිබේ. ඒ අනුව ඔහු චාල්ස් III රජු ලෙස නම්කර තිබේ.

Read More

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවූ දෙවැනි එළිසබෙත් මහ රැජින මෙලොව හැර ගියාය.

Read More

රටේ සංසරණය වෙන මුදල් ප්‍රමාණයටත් වඩා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති බව පෙනී යන බව 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ රටේ තුන් ගුණයකින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට, සල්ලි අච්චු ගැසීමේ ක්‍රියාවලිය පාදක වී තිබෙන බව දැන් රටේ ජනතාව අත්දකිමින් සිටින බවත් අද උද්ධමන අනුපාතය 60% ඉක්මවා ඇති බවත් රණවක මහතා පෙන්වා දෙයි.

Read More

නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරට කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලු වලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටියදී ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔවුන් ඇප මත මුදා හැරීමට මුදාහැරීමට අද නියම කළේය.

Read More

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

Read More

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

ලංකාවේ ප්‍රථම වරට රජයේ ලියාපදිංචි කළ පුවත්පත වන “ලක්මිණි පහන” පුවත්පත අරඹා වසර 160ක් සම්පූර්ණවීම මෙම සැප්තැම්බර් 11 වෙනි දිනට යෙදේ.

Read More

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දු යවන්නන් මේ දක්වා දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සමත්ව තිබේ.

Read More

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවක ඒ අසලින් ගමන් ගත් දුම්රියකට ඔහුගේ අත හසුවීඅත වෙන්වීමෙන් පසුඔහු තනිව මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .

Read More

බටපොළ ඔලබැද්ද ප්‍රදේශයේ නිවසක අද (08දා) පැවති ශාන්තිකර්මයක් අතරතුරේදී සිහිසුන්වූ ශාන්තිකර්මයට භාජනවූ කාන්තාවක රෝහල්ගත කිරීමෙන් පසු මරුමුවට පත්ව ඇතැයි බටපොළපොලීසිය පවසයි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08දා) නියෝග කළේය

Read More

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම ධූරයේ වැඩබාර ගත්තේය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් ඊයේ (7දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසා බැලීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8දා) කොටුව පොලිසියට පැමිණියේය.

Read More

මෙරට ජනගහනයෙන් සියයට 50ක ප්‍රමාණයක් විටිමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිරංජලා මිගොඩ විතාන මහත්මිය පැවැසුවාය.

Read More

දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශ වල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ වී තිබේ.

Read More

දර්ගා නගරයේ නිවසක මස් පිණිස කිරි ඉබ්බන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නියුතු සැකකාර පුද්ගලයන් දෙදෙනකු මරන ලද කිලෝ 7.02ක්වූ ඉබිබන් හත්දෙනෙකු, මස් කිරීමට උපයෝගී කරගත් විවිධ පිහි 4ක් සමඟ ඊයේ (7දා) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

Read More

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු අඹුසැමි යුවලක් සන්තකයේ තබාගන සිටි අයිස් ග්‍රෑම් 65 ක් සමග දෙහිවල ඕබන් පෙදෙසදී ඉකුත් 6 වන දින ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාර, නො 474/1/1 යන ලිපිනයේ SS Global Tec යන නමින් පවත්වාගෙන ගිය එම රැකියා නියෝජිතායතනය වැටලීමේදී එම ආයතනය පවත්වාගෙන ගිය රජයේ ආයතනයක හිටපු සභාපතිවරයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 890 දෙනෙකු පපසුගියදා (06දා) පස්වරුවේ එම විදුහල් සරඹ භූමියේ දී විසිරයන ලදී.

Read More

මන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා එක්ව තිබේ. මීට අමතරම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දී තිබේ. එසේම සමගි ජන බලවේගයේ අරවින්ද කුමාර් මහතාද රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

Read More

මහා බ්‍රිතාන්‍ය, ස්විටසර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩනය, කැනඩාව, බෙල්ජියම යන රටවල් මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට කටයුතු කළේය.

Read More

රටේ ධනය අපතේ නොයවා, ග්‍රාම සේවා කොට්ඨාශ මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළ ආරම්භ කළ බව, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

Read More

මෙම ජයග්‍රහණයත් සමගින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. සාජා පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන පරාජයෙන් කුපිත වූ ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පාකිස්තාන ප්‍රේක්ෂකයන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මිලදි ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ඉල්ලීමට එම සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ එකඟතාව හිමිව තිබේ.

Read More

විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ තෙල් මිල පහත වැටීම ඩොලරය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද අවපාතයක් පිළිබඳ බිය මෙන්ම චීනයේ පවතින කොවිඩ්-19 සීමාවන් ඇතුළු විවිධ සාධක හේතු වී ඇති බවයි.

Read More

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුරු උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කැනඩාවේ සති අන්ත පිහි ඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරු ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් මියගිය බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.