බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු මුතියංගන පුජා භුමිය ඉදිරියේදි මත් පෙති 145ක් මුදලට අළෙවිකිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්ය බලකාය මගින් ඊයේ (14දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් තිස්සේ මත්පෙති මුදලට අළෙවිකරන බවට ලැබුන තොරතුරක් මත පොලිසිය උපාය දුතයෙකු යොදවා, මත් පෙති මිලට ගන්නා බව කියමින් වෛද්‍යවරයා 14 දින සවස 8.30ට පමණ පන්සල අසට ගෙන්වාගෙන මත් පෙති මුදලට ගන්නා අවස්ථාවේදි අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් මිලි ග්රැම් 150ක් අඩංගු මත් පෙති 150ක් සමග වෛද්‍යවරයා අධිකරණ කටයුතු සදහා බදුල්ල පොලිසියට බාරදී තිබෙන බව බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පැවසීය,
ලුණුගල ප්‍රසන්න පත්මසිරි,