උණවටුන වෝටර් ගේට් හෝටලයේ නැවතී සිටි රුසියානු ජාතික කාන්තාවකගේ හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඇමෙරිකානු ඩොලර් 16100ක්, රුසියානු රූබල් 195000ක් හා යූරේ 200ක් සොරකම් කිරීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.මෙම සිදුවීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙක් මීට පෙර අත්අඩංගුවටගෙන තිබුණි.
ඒ සඳහා අවශ්‍ය තවත් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරු අවුරුදු 40ක් වන චන්දන සමන් කුමාර නැමැති නාකියාදෙණිය පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් උණවටුන පොලිස් සංචාරක ඒකකයේ ස්ථානාධිපති - 076 – 8477810 අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.
