විදුලි ගාස්තු වැඩි කිරිම රජයක් ගන්නා අපහසුම තීරණක් බවත් මේ පිළිබඳව කනගාටුවට පත්වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. අද පෙරවරුවේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"රජයක් ලෙසත්, අමාත්‍යාංශයත් ලෙසත්, ආයතනයක් ලෙසත් ගන්නා අපහසුම තීරණයක් තමයි ගාස්තු වැඩි කිරීම. විශේෂයෙන්ම මේ කාරණය ඉතාමත් සංවේදී කාරණයක්. අපි මේ අය ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කිරිමට පෙර අපේ පැත්තෙන් වියදම් කළමනාකරණය කර ගන්න. බර අඩු කරගන්න, අපේ පැත්තෙන් කාර්යක්ෂමතාව වැඩි කර ගන්න මාස කිහිපයක් සාකච්ඡා කිරිමෙන් පසුව තමයි අපි මේ ගාස්තු වැඩි කිරීමට ගත්තේ.
මේ තින්දුව තව තවත් අමාරු වුණේ මැතිවරණ කාලයක් ක්‍රියාත්මක වීමයි. අපි මේ ගැන කනගාටුවෙනවා. අපි කැමති නෑ ජනතාව මත පමණක් බර පටවලා මේ ක්‍රියාවලිය කරගෙන යා යුතුයි කියන එක නෙමෙයි අපේ මතය. විකල්ප පිළිබඳව අධ්‍යනය කිරීමෙන් පසුව අපිට මේ තීරණය තමයි අපිට අකමැත්තෙන් වුණත් ගන්න තිබුණේ."