ලංකා සතොස මගින් අලෙවිකරන භාණ්ඩ වර්ග 6 ක මිල අද සිට ක්රියාත්මකවන පරිදි පහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව අල, ලොකු ලූණු, පරිප්පු, රතු කැකුළු සහල්, සුදු කැකුළු සහල් (ආනයනික), සම්බා සහල් (ආනයනික) යන භාණ්ඩවර්ගවල මිල මෙසේ පහළ දමා තිබේ.
මේ අනුව,
අර්තාපල් කිලෝව රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි.
ලොකු ලූණු කිලෝව රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 149කි.
සම්බා සහල් (ආනයනික) රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 198කි.
රතු පරිප්පු රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 358කි.
රතු කැකුළු සහල් (දේශීය) රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 164කි.
සදු කැකුළු සහල් (ආනයනික) කිලෝව රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 179කි.