අධිකරණ ලියවිල්ල සිංහලෙන් තිබීම නිසා බාර නොගත් ටී.එන්.ඒ. මන්ත්රී
දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්රීක් පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් මහතාට යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාරගැනීමට නොහැකි බවට මන්ත්රීවරයා විසින් පොලීසියට ඊයේ (14) දින දැනුම් දෙනු ලැබීය.
යාපනය අධිකරණයේ ලබන 20 වනදා පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් ඊයේ දින පොලිස් නිලධාරීන් දෙනෙකු විසින් ලියවිල්ලක් බාරදීමට මන්ත්රීවරයා හමුවූ අවස්ථාවේදී අදාල ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හෙතුවෙන් තමාට සිංහල කියවීමට නොහැකි බව පොලීසියට පවසා සිටියේය.
පසුව පොලිස් නිලධාරීන් විසින් එය පරිවර්තනය කොට මන්ත්රීවරයාට ලබාදීමේදී මන්ත්රීවරයා පවසා සිටියේ සිතාසියක් හෝ අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට නොහැකි බවටත් තමන්ට දමිළ භාෂාවෙන් අධිකරණය මගින් ලියාපදිංචි තැපෑලෙන් සිතාසියක් ලැබෙන්නේනම් පමණක් පිළිගන්නා බවටය.

popular news
-
දමින්ද Wednesday, 15 February 2023 09:09 AM
විසඳුම සරලයි, ඉංග්රීසි භාෂාවත් රාජ්ය භාෂාවක් බවට පත්කරන්න.
Reply : 0 0
Deepal Nirosh Wednesday, 15 February 2023 10:50 AM
දැන් නම් ජාතික සංහිඳියාව ආයෙත් ටික ටික පටන් ගන්නවා වගෙයි. ඉතින් මොන සංවර්ධන ගමනක් ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

