විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමග බාධාවකින් තොරව විදුලි පාරිභෝගිකයන් වෙත විදුලිය සපයන ලෙසට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට මෙන්ම ආදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මීට අමතරව අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් සහන සැලසීමටත්, රාජ්‍ය අධ්‍යාපන ආයතන වෙත මෙන්ම ආගමික ස්ථාන වෙත වහල මත සවිකරණ සූර්ය පැනල ලබාදෙන ලෙසත් ජනපතිවරයා උපදෙස් දී තිබේ.