දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එලවළු තොග සපයන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඹන මහ වෙල් යායේ වගාකර ඇති දඹල වල මිළ පහළ යාම හේතුවෙන් ගොවින් මහත් අසිරුතාවට පත්ව ඇතැයි අඹන ගොවි සංවිධානය කියයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී මේ දිනවල දඹල කිලෝවක තොග මිල රුපියල් තිහක් පමණ වී ඇතැයි ගොවිහු කියා සිටිති.
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දෛනිකව නිකුත් කරණු ලබන මිළ දර්ශනයට අනුව එළවළු වර්ග කිහිපයක මිල සටහනන්ව තිබුනේ මේ අයුරිනි.
ගෝවා රුපියල් 30.00 යි, අමු මිරිස් රුපියල් 160.00 යි, බතල රුපියල් 70.00 යි.
අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා කියා සිටියේ මෙවර අඹන වෙල් යායේ බතල වලට අමතරව දඹල වැඩි ව අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා කියා සිටියේ මෙවර අඹන වෙල් යායේ බතල වලට අමතරව දඹල ද වගාකර ඇති බවයි.
එළවළු වගාවන් හි මුලික යෙදවුම් ලෙස ගැනෙන පොහොර හා කෘෂි රසායන වල මිලෙහි කිසිදු අඩුවක් නොමැති අවස්ථාවක දඹල කිලෝවක් රුපියල් 30 කට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාම පවා ගැටලුකාරි තත්ත්වයක් බවයි.
ප්‍රවාහන කුළි මෙන්ම අස්වනු නෙලිම සදහා වැය වන මුදල් ගනනය කල පසු දඹල දඹුල්ලට රැගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද හෙතෙම කියා සිටියේය.
සෙසු එළවළු වල මිල ගනන්ද සීඝ්‍ර ලෙස පහත වැටීමත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ එළවළු අලවි කර ගැනීමේ ගැටළු කාරි තත්ත්වයක් ඇති වී ඇතැයි සෙසු ගොවි සංවිධාන ද කියා සිටියේය.
