මඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදු කරන ලද සහල් අස්වනු නෙලීමේ උත්සවය ඊයේ (15) පෙරවරුවේ බන්ධනාගාර අධිකාරී එන්.ප්රභාකරන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
බන්ධනාගාරයට අයත් තිරුප්පෙරුන්දුරෙයි ප්රදේශයේ අක්කර 10ක පමණ භූමි භාගයක මෙම ගොවිතැන් කර ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින වපුරන ලද මෙම ගොවිබිමෙන් අක්කරයකට මළු 15 ක් අපේක්ෂා කරන බව බන්ධනාගාර අධිකාරිවරයා පැවසීය.
ස්වාභාවික ක්රමයෙන් කළ එම වී වගාවෙන් හොඳ අස්වැන්නක් ලැබී ඇතැයි බන්ධනාගාර අධිකාරිවරයා පවසයි දේව මෙහෙයෙන් පසු අස්වනු නෙළීමේ උත්සවය ආරම්භවුනි
බන්ධනාගාර නිලධාරීන් සහ දිස්ත්රික් කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මඩකලපුව ජවුෆර් ඛාන්
