රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු තොගයක්සමග “මිදිගම හරක්කටා” ගේ ගෝලයෙකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියංකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායම වැලිගම පාතේගම ප්‍රදේශයේ රැකසිට මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදි සැකකරු කලු පැහැති බෑගයක දමා ජලනල බටයක් තුල සගවා හෙරෝයින් මත්කුඩු රැගෙන එමින් තිබු බව පොලීසිය සදහන් කරයි.
ඒ අනුව සොයාගත් මුලු හෙරෝයින් කුඩු ප්‍රමාණයේ බර ග්‍රෑම් 375 කි.
25 හැවිරිදි සැකකරු දකුණේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මිදිගම හරක්කටාගේ සමීපතමයෙකු බව පොලීසිය කියයි.
ඔහු වට්ස්ඇප් දුරකතන ජාලය ඔස්සේ පුදාගලයින් සම්බන්ධකරගෙන හෙරෝයින් මත්කුඩුග්රෑම් 01 ක්රුපියල් 30000 කමුදලකට අලෙවි කර තිබෙන බව කියති. මැලේසියාවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ඔහුට මත්ද්‍රව්‍ය ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය. පාතේගම පදිංචි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්