මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් මිරිස්ස මුහුදු තිරයේ තල්මසුන්ගේ ගහණය අඩුවි ඇති බව මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පෙන්වා දෙයි.
සමාජයේවිවිධ පුද්ගලයින් නිත්‍යානුකුල නොවන අයුරින් කුඩා බෝට්ටුවලින් විදේශිකයින් රැගෙන ගොස් තල්මසුන්ට හිංසාවන අයුරින් කිමිදිම් කටයුතු කිරිම නිසා මෙම තත්වය උදාවි ඇති බවද ඔවුහු පෙන්වාදෙති. ඇතමුන් තල්මසුන් සමග පිහිනමින් ඔවුන් අතපතා ගාමින් කටයුතු කිරිම නිසා තල්මසුන් බියට පත්වී මිරිස්ස මුහුදු තිරයෙන් ඈත්වෙමින් යන බවද මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පවසයි.
මෙහිදී අදහස් දැක්වූ මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරකිමේ සංගමයේ සභාපති රංගන මනෝජ් මහතා.
“දැනට වසර තුනක පමණ සිට මිරිස්ස අවට මුහුදු තිරයේ නිල් තල්මසුන්ගේ ගැවසිම අඩුවෙලා තියෙනවා. නිත්‍යානුකුල නොවන අයුරින් ඇතැම් පුද්ගලයින් කුඩා බෝට්ටුවලින් විදේශිකයින් රැගෙන ගොස් තල්මසුන් සමග කිමිදිමට පටන් අරගෙන තියෙනවා. මේ නිසා මෙම ව්‍යාපාරය කඩා වැටිමට ලක්වෙලා තියෙනවා.තල්මසුන්ට හිංසාවන අයුරින් කටයුතු කිරිම නිසා තල්මසුන් බය වෙලා මිරිස්ස අවට මුහුදු තීරය අත්හැර ගිහින් තියෙනවා. දැන් විදේශිකයින්ට පෙන්වන්න තල්මසුන් නැහැ. ඩොල්පින් පමණයි පෙන්වීමට හැකිවෙලා තියෙන්නේ.මුහුදේ නැති තල්මසුන් වෙනුවෙන් වනජීවීඑකරුපියල් 7000.00ක මුදලක් විදේශිකයකුගෙන් අය කිරිම හරිම අසාධාරණයි.එම මුදල අඩුකරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. දියවැල් රටාව අනුව තමයි තල්මසුන් අපේ මුහුදට එන්නේ. උණුසුම් වතුර,කෑම සහ ගැඹුර නිසා තමයි තල් මසුන් මිරිස්ස අවට මුහුදු තිරයට එන්නේ. නමුත් ඒ සතුන්ට කරදර වෙන නිසා එම සතුන් මිරිස්ස අවට මුහුදු තිරය අත්හැරලා යනවා. තල්මසුන් බැලීමට මිරිස්ස ධිවර වරායෙන් යන බෝට්ටු සදහා රක්ෂණ සහතිකය,නාවික ඉංජිනේරු සහතිකය. ආදි සුදුසුකම් සපුරාගෙන තමයි අපිමුහුදට යන්නේ.
උණවටුණ,තල්අරඹ,බණ්ඩරමුල්ල, මාතර යන ප්‍රදේශවලින් ද කුඩා බෝට්ටු වලින් තල්මසුන් බැලිමට විදේශිකයින් රැගෙන යනවා.ඒ අයට වනජිවි දේපාර්තමේන්තුවට කිසිදු මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබද කිසිදු නියාමනයක් නැහැ. මිරිස්ස ධිවර වරාය තුල පමණයි මේ නිති ක්‍රියාත්මක වෙන්නේ. විදේශිය සංචාරකයකු රැගෙන නාවක සැතපුම් 30, 40 ගිහින් තල්මසුන් සමග කිමිදෙන බොට්ටුවක් අල්ලන්න වෙරළ ආරක්ෂක බලකායට පුළුවන් කමක් නැහැ.වනජිවියෙන් තල්මසුන් බැලිම සදහා රැගෙන යන විදේශිකයින්ගෙන් මුදලක් අයකරනවා. මේ මුදල්වලට වෙන්නේ මොනවාද කියලා අපි දන්නේ නැහැ.නමුත් මාසයකට එක් දිනයකදිවත් නිල් තල්මසෙක් දකින්න නැහැ. මේ නිසා තල්මසුන් බැලිම සදහා එන විදේශිය සංචාරකයින් අඩුවෙලා. මිරිස්ස ධිවර වරායෙන් තල්මසුන් බැලිම සදහා දෙස් විදෙස් විදේශිකයින් රැගෙන යන බෝට්ටු 60ක් විතර තියෙනවා. නමුත් දැනට මෙම ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ බෝට්ටු පහක් හයක් පමණයි. තල්මසුන් දකින්න නැති දිනවලදී මුදල් අයකරන්න එපා කියලා අපි වනජිවි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක් කළා.අපිට සහනයක් දෙන්න කියලා කිව්වා.නමුත් ඒ අයගෙන් සුබවාදි ප්‍රතිචාරයක් නැහැ මෙම ව්‍යාපාරය රැකගෙන ඉදිරියට කරගෙන යන්න.’’
යැයි පැවසීය.




හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්