රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණයට බාධා කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (16දා) උදේ 11.30ට එම පැමිණිල්ල භාරදීම සිදු කෙරුණි.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන බිමල් රත්නායක, ලක්ෂ්මන් නිපුණආරච්චි සහ නීතිඥ සුනිල් වටගල සහභාගි විය.
පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ ආණ්ඩුවේ උත්සහය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය දැනුවත් කිරීමට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා ඊයේ(16දා) සවස 3.00ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ගියේය.