කඩල බේසමට කඩා වැටුණු දත් ඇන්දක් රැගෙන කාන්තාවක් පොලිසි එයි
"අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53000 දිලා දත් ඇන්ඳක් දාගත්ත . මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට වැටුණා. සර් මට සාධාරණයක් කරලා දෙන්න" යැයි දත් ඇන්දක් අත්ල මත දරා ගෙන බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ නිල කාමරයට පැමිණි කාන්තාවක් හඬා වැටෙමින් පැවසීමේ සිද්ධියක් පොලිසියෙන් වාර්තා වෙයි.
"සර් මගේ වයස තවම අවුරුදු පනස් අටයි, අපිත් ගැහැනුනේ සර් ,මොකද කඩල විකුණුවා කියලා, අපිත් ලස්සනට ඉන්න කැමතියි සර් මේවා මංකොල්ල කාපු සල්ලි නෙමෙයි සර් දාඩිය මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි දීලා තමයි සර් පෙරුම් පුරලා පෙරුම් පුරලා මේ දත් ඇන්ද හදා ගත්තේ.
මේ බලන්න සර්, මේ බලන්න උන් මගෙන් 53000 ගත්තා මදිවට මාව යකින්නියක් කරලා.කණ්ණාඩියකින් බලනකොටයි සර් ඒකත් මම දැක්කේ. මගේ තියෙන තිබුණු දත් ටික උල් කරලා සර් මේ දත් ඇන්ද අටවල තියෙන්නෙ, ඇන දාල නෙමෙයි සර්.
මට කරපු අපරාදෙට මුන්ට හෙන හත වදින්න ඕන සර්" යැයි පවසමින් තම මුව විවර කර ස්ථානාධිපතිවරයාට පෙන්වීමට කාන්තාව කටයුතු කළාය.
එම කාන්තාව එක දිගට හඬා වැටෙමින් දත් ඇන්ද ක් පිළිබඳ කියන්නට වූයෙන් මේ කිසිත් අදහා ගත නොහැකි වූ ස්ථානාධිපතිවරයා
එකින් එක කරුණු විමසන්නට වූ බව පොලිසිය කියයි.
උඩු ඇන්දේ එක දිගට දත් කීපයක් අහිමිවී තිබීම හේතුවෙන් එයින් මතුවන අවලස්සන බව නැති කර ගැනීමට සිත් වූ එම කාන්තාව බොරැල්ල ප්‍රදේශයේම දන්ත ශල්‍යාගාරය ක ට ගොස් මීට මාස කීපයකට ඉහතදී මිල ගනන් විමසා ඒ වෙනුවෙන් රුපියල් 53000 ක් වැයවන බව පැවසීමෙන් අනතුරුව නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
රැකියාව වශයෙන් කඩල තම්බා විකිණීමේ ව්‍යාපාරයක් කරන එම කාන්තාව කොතරම් අගහිඟකම් තිබුණත් මුහුණේ පවතින අවලස්සන බව නැති කර ගැනීමට එකී මුදල වියදම් කර ට මාස පහකට ඉහතදී ඇන්ඳ දමා ගෙන ඇතැයි පොලිසිය කියයි.
පෙරේදා එම කාන්තාව කඩල විකුණමින් සිටියදී දමන ලද දත් ඇන්ද එක වරම කඩල බේසමට කඩා වැටීමත් සමගම
කඩල විකිනිම පසෙකට තබා කඩා වැටුණු දත් ඇන්දත් රැගෙන පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල කර තිබූ බව පොලිස් නිලධාරීයෙකු කිය.
එම කාන්තාවගේ පැමිණිල්ලට සාවධානව සවන් දුන් බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇයගේ පැමිණිල්ල සටහන් කර අදාල දන්ත ශල්‍යාගාරයේ කළමනාකරු ගෙන්වීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් එදිනට කඩා වැටුණු දත් ඇන්ද රැගෙන පැමිණ එන ලෙසද පැමිණිලිකාරිය ට දන්වන ලෙස පොලිස් කාන්තාවකට උපදෙස් ලබාදීම සිදුකෙරිණි

popular news
-
Sue Thursday, 16 February 2023 09:45 AM
Krutheema dath nikamma helenawa enisa creame warga godak thiyenawa ewwa gaanna ethakota wetinne nehe
Reply : 0 0
Sam Friday, 17 February 2023 11:43 PM
මනුස්සකම් දන්න, අහිංසක ජනතාවගේ ප්‍රශ්න වලට සාවධානව කන්දෙන පොලිස් කියන නමේ තේරැමටම සරිලන උසස් පොලිස් නිලධාරියෙක්. දැන් ඉන්න උසස් කියාගෙන මහජනතාව තලා පෙලන, අහිංසක , දුප්පත් මහ ජනතාවගේ ප්‍රශ්න වලට කන් නොදෙන අවස්ථාවාදී පොලිස් නිලධාරී, නිලධාරිනියන් ට මෙය ආදර්ශයක් වේවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

