saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4846 hours ago

LATEST

අපිව කොටවන්න ලෑස්ති වෙන්න එපා - එහෙම ලේසියෙන් අපිව කොටවන්නත් බැහැ

calendar_today 2022 සැප් 13 - 18:35 remove_red_eye - 1360  

තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිළධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.

මානසික අබාධිත 13 හැවිරිදි මුණුපුරා 81 හැවිරිදි තම මිත්තණියට තියුණු ආයුධයකින් පහර දිමක් කර ඝාතනයට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුණුපුරා හෙම්මාතගම පොලිසිය විසින් 12 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

රාජ්‍ය වියදම් අධීක්‍ෂණය කිරීම සඳහා පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙකු පත්කිරීම පිණිස ක්‍රමවේදයක් පිහිටුවීමේ යෝජනාවක් පිළිබඳව සලකා බැලෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසිය.

Read More

ආර්ථික පුනර්ජීවනය හා වර්ධනය පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපති කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අරගලයට සම්බන්ධ තරුණයින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් දෙන ආකාරයෙන් රඳවා තබා ගැනීම අනුමත කළ නොහැකි බව ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගැනීම සඳහා වෙනත් ව්‍යාපෘති දෙකකට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය

Read More

පාන් පිටි, බිත්තර, මස් හා මාළු හිඟය හේතුවෙන් හෝටල් 10,000ක් පමණ සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

Read More

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත හැකි ආකාරයේ විශේෂ ඇවිදින මං තීරුවක් ගලහා සිට නුවරඑළිය දක්වාකිලෝමීටර් 300 කින් යුතුව ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත්මේ වන විටත් එහි සැලසුම් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පැවසීය .

Read More

බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී අද (13දා) මාර්ගයේ ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

ලංකාව තුළ කෘතිමව පොල් හිගයක් මවා පා පොල් තෙල් හා පොල් ආශිත නිෂ්පාදන මෙන්ම විදේශ රටවලින් පොල් තෙල් ආනයනය කිරීමේ උපක්‍රමයක් රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ඒකරාශී වී මේ දිනවල ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කර සිටී.

Read More

ත්‍රීරෝද රථ වලට සතියකට ලබා දෙන ඉන්ධන ලීටර් පහ වෙනුවට ඉන්ධන ලීටර් තිහක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රීරෝද රථ සේවා සංගමය සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අද (13දා) මහරගම නගර මධ්‍යයේ දී පැවැත්වුණි .

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී අද (13දා) දුම්රියක වෑන් රථයක් ගැටී එක් අයෙක් මරුමුවට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

සීගිරිය බලකොටුවක් නො වන බවත් එය උද්‍යානයක් ලෙස භාවිතා කර ඇති බවත් පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේ‍රා මහතා සඳහන් කළේය.

Read More

පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) සවස උද්‍යාන ශ්‍රවණාගාරයේ දී සිදුවිය .

Read More

සැප්තැම්බර් මාසයේ මුල් දින එකොළහ තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් ති‌බේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තාවකාලික දත්ත පෙන්නුම් කළේ සැප්තැම්බර් 1 සිට 11 දක්වා කාලය තුළ සංචාරකයින් 10,796ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

Read More

අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන එළැඹෙන 19 දා ශ්‍රී ලංකාව ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙයට සමගාමීව එදින විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ආසියානු ක්‍රිකට් කිරුළත්, ආසියානු දැල්පන්දු කිරුළත් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියහ. ඔවුන් විශේෂ රථ පෙළපාළියකින් කොළඹ ක්‍රිකට් ආයතනය වෙත හා දැල් පන්දු සංගම් මූලස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළේය.

Read More

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වවිමින් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන බාහිර මැදිහත්වීම්වලට චීනය විරුද්ධ බවයි.

Read More

ජනාධිපතිවරණ ප‍්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඞ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියම කළේය.

Read More

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.

Read More

හෙට (13දා) සිට 16 දා තෙක් විදුලි කප්පාදුව පැයකට සීමා කරන බව මහජන උපයෝගීතා කොමිෂන පවසයි. ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V හා W යන කාණ්ඩ වෙත සවස 6.00 සිට රාත්‍රී 9.00 තෙක් පැයක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.

Read More

ඖෂධ සඳහා අවශ්‍ය මුදල් වෙන්ව තිබියදී ඖෂධ හිඟයක් ඇතිවුවහොත් එහි වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ භාරගතයුතු යැයිද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Read More

මවගේ කිරි පිට උගුරේ යාම හේතුවෙන් මාස එක හමාරක් වයසැති බිළිඳෙකු අද (12) උදෑසන මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමාමහතා පවසයි.

Read More

ආසියානු කුසලානය සඳහා ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වූ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා බස්රථ හතරකින් පැමිණ පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබියදී එම බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි තරුණයකු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More
දමිතාට ඇප
12 09 2022 14:23:00
0 344

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දිම සිදුවිය.

Read More

කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ශිල්ප හදාරන ආධුනික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පුහුණුව සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි සහ පිස්තෝල සමග ඒවාට අවශ්‍ය උණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු පොලිස් ලොරි රථයක් මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ 11 වැනි වංගුව අසල දී පෙරළී ගොස් තිබේ.

Read More

හදිසියේ ඇතිවූ පපුවේ අමාරුවකින් මියගිය දෙදරු පියෙකු ගේ මරණයෙන් කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය මියගොස් , දියණිය සහ පුතා ඇතුළු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තාවේ.

Read More

පැපුවා නිව්ගිනියා වේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සැලකින් සොරාගත් වාලම්පුරියක් රුපියල් කෝටියකට අලෙවි කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් අම්පාර වෙළඳ සැලක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.