සමගි ජනබලවේගය අද පැවැත්වීමට නියමිත විරොධතාවට අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම විරෝධතාව කොටුව හා කොල්ලුපිටිය පොලිස් වසම්වලට එක් රැස්වී පා ගමනින් කොටුව හා ගාලුමුවදොරට පැමිණීමට සැලසුම් කර ඇති බවට කොටුව පොලිස් ස්ථානාධිපතිට ලැබුණ තොරතුරක් මත ඔහු විසින් එය තහනම් කරන ලෙසට අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව මහජනතාවගේ දෛනික කටයුතුවලට හා රථවාහන ගමනා ගමනයට බාධා නොකරන ලෙසටත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙසටත්, කොටුව පොලිස් වසමේ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යාංශය හා ගාලුමුවදොර පිටිය පරිශ්‍රය යන ස්ථානයන්ට ඇතුළු වීමෙන් වළකින ලෙසත් පොදු හා පෞද්ගලික දේපලවලට හානි නොකරන ලෙසටත්, මහජනයා ප්‍ර කෝපවිය හැකි ප්‍රචණ්ඩකාරී සිදුවීම් නොකරන ලෙසටත්, නියෝග කරමින් වග උත්තරකරුවන් 07 දෙනෙකුට හා ඔවුන් සමග සහභාගිවන වෙනත් තැනැත්තන් වෙත අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.