saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4833 hours ago

LATEST

ලංකාවේ සිට ඩොලර් හොයන අයටත් විදුලි වාහන බලපත්‍රයක්

calendar_today 2022 සැප් 16 - 14:55 remove_red_eye - 874  

ශ්‍රී ලංකාවේ සිට විදේශ සමාගම් වෙත සේවා සපයන පුද්ගලයන්ටද විද්‍යුත් මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම සතුන් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වනසතුන්ට අවශ්‍ය ආහාර හිඟ වී තිබෙන අතර වන අලින් ගම්වැදීමට පවා මෙම තත්ත්වය බලපා ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙට්‍රික් ටොන් 100000ක බොරතෙල් නෞකාවකින් හා මෙට්‍රික් ටොන් 37000ක ඔක්ටේන 92 පෙට්‍රල් නෞකාවකින් එම ඉන්ධන ගොඩබෑම අද ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

හෙට දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහ නුවර හා නුවර එළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ අද (2022 සැප්තැම්බර් 16) අළුයම නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී ඊයේ (15දා) රාත්‍රී පීලිපැනීමට ලක්ව තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී දේපළ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ 01 පිහිිටිකොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන සහ සහතික කිරීමේ සේවා සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

අරගලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ජනතාවට විශාල ප්‍රශ්ණ තිබුණා.මේ විපාකය විඳින්නට වුණේ අපේම අයගේ වැරදි නිසයි. සමහරක් අපේ අය වංචා දූෂණ සිදු කළ නිසයි. දැනටත් වංචා දූෂණ වලට සම්භන්ධ වෙලා ඉන්න කොටස් ඉන්නවා. ඉතින් මම හිතනවා ඒ අය නිසා තමයි අපට මෙහෙම වුනේ. අපි එහෙම කළේ නෑ.

Read More

රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය ලබන මාර්තු මස 15 වනදා දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ඊයෙ 15 නිකුත් කළේය.

Read More

ජාත්‍යන්තරයට දිගු කරන ඇඟිල්ලට වඩා තමාට දිගුව ඇති ඇඟිලි 4 දෙස බැලීම පාලකයින්ගේ දේශපාලන සෞඛ්‍යයට හිතකර විය හැකි යැයිද ඔහු සිය ට්විටර් ගිණු‌මෙන් පවසයි.

Read More

මෙම සති අන්තයේ දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන් මගීන්ගේ ඉල්ලීම අනුව, පහත සඳහන් පරිදි කොළඹ කොටුව - බදුල්ල හා බදුල්ල - කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇත.

Read More

2021 වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂය 2022 දෙවන කාර්තුව සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ සියයට 8.4ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් මූලික ණය ගිවිසුමකින් පසු ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගන්නා බැවින්, මේ වසරේ දී දීර්ඝ කර ඇති ඩොලර් බිලියන 4 කට ආසන්න මූල්‍ය පහසුකමට අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍ය ආධාර සැපයීමට ඉන්දියාව සැලසුම් නොකරන බව රොයිටර් පවුත් සේවය වාර්තා කරයි.

Read More

කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේදී ඒ්කක 10000 සීමාව ඉක්මවා ගියේය. ඒ් අනුව අද දිනයේදී ඒ්කක 158.26කින් කොටස් වෙළඳපොළ වර්ධනය විය. එය සියයට 1.6ක වර්ධනයකි.

Read More

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනියගේ අවසන් කටයුතු සිදුකරන සැප්තැම්බර් මස 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත්ක තිබේ. තරගාවලිය ඔක්තෝබර් මස 16දා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

උප පොලිස් පරීක්ෂක නිලයන් දරණ සැමියෙකුට සහ බිරිඳකට අයත් නිවසක් බිඳ, රුපියල් ලක්ෂ හතකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (14දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.

Read More

මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට අසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ. බේරාගත් පුද්ගලයෙක් බේරුවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. අනිත් දෙදෙනාගේ සිරුරුද සොයාගෙන තිබේ. අවුරුදු 17,18 හා 19 වන වියේ පසුවන තරුණයින් තිදෙනෙක් මෙසේ දියේ ගිලි තිබුණි.

Read More

රුසියාවේ 18 වන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදන කර ඇති ’’ නිව්ස් පේපර් ’’ චිත්‍රපටයට සම්මාන හිමි වී තිබෙන අතර , එය රැගෙන 09/15 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා විවෘතව පවතින කාලය පැය භාගයකින් වැඩි කර තිබේ. අනුව අද (15) සිට කොටස් වෙළෙඳපොළ උදෑසන 10 සිට මධ්‍යහන 12.30 දක්වා ගනුදෙනු සඳහා විවෘතව පවතී.

Read More

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලු අද සිට ජනතාවට විවෘත කිරීමට නියමිතය.

Read More

නුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන එළවළු ,පළතුරු සහ මල් නානුඔය දුම්රිිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමට ඇති හැකකියාව පිලිබදව (14) දින අදාල බලධාරින් නානුඔය දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.

Read More

මෙම විහාරස්ථානයේ තවත් හිමි නමක් වැඩසිට ඇති අතර උන්වහන්සේ කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබේ. විහාරස්ථානයේ තිබූ ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථය හා වැගන් ආර් වර්ගයේ කාර් රථය විහාරස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී තිබේ. සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.

Read More

වෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.

Read More

කැළණිය ගුරුකුල විද්‍යාලය අසළ අද රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ.

Read More

ෆොසිල ඉන්ධන සඳහා ’’හරිත’’ විකල්පයක් ලෙස හයිඩ්‍රජන් සඳහා යුරෝ බිලියන 3ක් දක්වා ආයෝජනය කිරීම සඳහා නිර්මාණය කර ඇති නව බැංකුවක් නිර්මාණය කිරීමටද යයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.