2015 සිට 2019 දක්වා විශාල ජාතිවාදී නැගීමක් තිබුණ බවත් වඳ කොත්තු, වඳ ඇඳුම් හා වඳ සැත්කම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වීමෙන් අනතුරුව අවසන් වූ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජා ඇල මහජන රැළියක් අමතමින් පැවැසීය.
“2015 ඉදන් 2019 දක්වා විශාල ජාතිවාදි මහා නැග්මක් තිබුණා. වේදිකාවල මාධ්‍යවල විශාල ප්‍රවණතාවක් හැදුවා වඳ කොත්තු තියෙනවා කියලා. කෙහෙද අප්පා කාල වඳවෙන්නේ. ඒත් පිළිගත්තේ නෑ. කවදා වෙනකම්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකම්. ගෝඨාභය පුටුවේ වාඩි වුණාට පස්සේ කොත්තු වඳ වුණා.
ඇඳුම් තියෙනවා කිව්වා වඳ කරන. අර කඩේට යන්න එපා, මේ කඩේට යන්න එපා ඒ ඇදුම් ඇන්දොත් වඳ වෙනවා කිව්වා. ලෝකෙ මොන විද්යාවකවත් ඇඳලා වඳ කරන්න බෑ. හැබැයි කිව්වට අහන්නේ නෑ. ජෙල් වගයක් තියෙනවා කිව්වා. එක නාළිකාවක් ඇඳුම්වල වාටි ලෙහ ලෙහ ජෙල් පෙන්නුවා.
පෙන්නලා කිව්වා මේ ඇඳුම ඇන්දම වඳ වෙනවා කිව්වා. කවද වෙනකම්ද ගෝඨාභය පුටුවේ වාඩි වෙනකම්. වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. 8000ක් සීසරින් සැත්කම් කරලා තියෙනවා කිව්වා. 4000ක් වඳ සැත්කම් කිව්වා. මේක ගර්භාෂ යුද්ධයක් කිව්වා. මතකද? කවදා වෙනකම්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකම්.
වාඩි වුණාට පස්සේ. දොස්තර මහත්තයට හිඟ පඩිත් ගෙව්වා. මේක උපයෝගී කර ගත්තේ ජාතිවාදී බලය වෙනුවෙන්.”