ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිණිපේ අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට ගොස් සිටි අවස්ථාවේ ඒ ආසන්නයේ ස්ථානයක පුපුරන ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රන්ටැඹේ ශිෂ්‍ය භට බලකා කඳවුරේ පැවැති ජාතික ශිෂ්‍ය භටයින්ගේ වර්ණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවීමට ගිය අවස්ථාවේ පෙරේදා (19) මිණිපේ අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්ෂණයට ගිය අවස්ථාවේ මෙම සිවිල් ආරක්ෂක භටයා අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට පත් සිවිල් ආරක්ෂක භටයා උඩදුම්බර වනජීවි කාර්යාලය මගින් පාලනය වන අලි වැටේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අයෙකු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහු රන්ටැඹේ වැලිවාරණකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලීසිය කියයි .
ෂේන් සෙනෙවිරත්න