මීපාගම ජලාශයේ සිට කුකුලේගඟ ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන එන නල පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කුකුලේ ගඟ ජල විදුලිබලාගාරය මාස 03ක කාලයක් සඳහා වසා ඇති බව කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ශාන්ත පෙරේරා මහතා පවසයි.
රත්නපුර සහ කඑතර දිස්ත්‍රික්ක දෙකට අයත් කලවාන අයගම බුලත්සිංහල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුළ පැතිර පවත්නා මෙම විදුලි බලාගාරය ලංකාවේ දෙවන භුගත ජල විදුලි බලාගාරය වේ.
කුකුලේ ගඟ හරහා මීටර් 100ක් උසින් යුතු වේල්ලක් ඉදිකර කලවාන මීපාගම ප්‍රදේශයේ ජලය රැස්කරන අතර එතැන් සිට කි.මී.7ක් දුර ප්‍රමාණයක් භුගත නල මගින් මෝල්කාව මාකෙළිය ප්‍රදේශය දක්වා ජලය රැගෙන එනු ලබයි. එම ප්‍රදේශයේ ඉදිකර ඇති කුකුගේ ගඟ ජල විදුලි බලාගාරය මගින් ජල විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි.
කුකුලේ ගඟ ජල විදුලි බලාගාරය ඉදිකිරීමේ දී වාර්ෂිකව විදුලිය ඒකක මිලියන 317ක් ජාතික පද්ධතියට එකතු කිරීමට ඇස්තමේන්තු කර තිබු නමුත් 2021 වසරේ දී ඒකක මිලියන 401ක් සහ 2022 වසරේ ඒකක මිලියන 372ක් නිපදවා ඇති බව ද ඉංජිනේරුවරයා පවසයි.
සාමාන්‍යයෙන් වාර්ෂික අඑත්වැඩියා සහ වසර 10කට වරක් සිදුකරන අඑත්වැඩියා වශයෙන් ක්‍රමවේද දෙකකට අඑත්වැඩියා කටයුතු සිදුකෙරෙන අතර මෙවර මාස තුනක කාලයක් සඳහා ජල විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම වසා ඇති බවද ඉංජිනේරු ශාන්ත පවසයි.
ජලය ගෙන යන භුගත නල පද්ධතියේ අඑත්වැඩියා කටයුතු අවසන් වූ වහාම මෙම වසරේ අප්‍රේල් මස මුල් සතියේ පමණ නැවත ජල විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ශාන්ත පෙරේරා මහතා වැඩිදුරටත් පවසයි.
අගුරුවාතොට-මංගල එදිරිසිංහ


