විරෝධතාවලට මුහුණ දීමට පොලිසිය සූදානම්
අද දිනයේදී කොළඹ විරෝධතා කිහිපයක් පවත්වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා පොලීසිය සූදානම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය.
"පොලීසය සූදානම්ව ඉන්නවා. පොදු මහජනතාවගේ පහසුව සඳහා යම් යම් බාධා ඇතිවුණොත් ඒවා වැළැක්විමට පොලීසිය සූදානම්ව ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් භාෂණයේ, රැස්වීමේ, හා අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස ලැබී තිබෙනවා. එයට බාධා කිරීමට පොලිසිය සූදානම් නෑ.
නමුත් යම් කිසි පිරිසක් පවතින නීතියට එරෙහිව, මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට හා වාහන වලට බාධා ඇති වෙන්න පුළුවන්. පොදු හා පෞද්ගලික දේපළවලට හානි ඇති වෙන්න පුළුවන්. පෙළපාලි එක්වරම ප්රචණ්ඩ තත්ත්වයට හැරෙන්න පුළුවන්.
රජයේ ප්‍රධාන ස්ථානවලට පසුගිය කාලයේදී තර්ජන එල්ල වුණා.
මේ සියල්ල ගැනම සලකා බලන්න වෙනවා. අපි විශේෂයෙන්ම කියන්නේ පෙළපාලි පවත්වන්න එපා කියලයි. කොළඹ නගරයේ මේ සඳහා පොලීසිය සූදානම් ඉන්නවා. නීතිය අනුව පොලීසිය කටයුතු කරනවා. අවස්ථානුනූකලව ඔවුන් විසින් කටයුතු කරනවා ඇති"
popular news
-
Dayan Monday, 20 February 2023 07:55 AM
Police is not ready to provide protection for printing of ballot papers. But ready to face protestors. Who's police is this?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

