විදුලි බිල ඉහල දැමීමත් සමග දකුණු පලාතේ සැලුන් වල කොණ්ඩා හා රැවුල කැපීමේ ගාස්තු ද රුපියල් 50 ත් 100 ත් මුදලකින් ඉහල දමා තිබේ.
ඒ අනුව ඇතැම් සැලුන් වල කොණ්ඩය හා රැවුල කැපීමේ ගාස්තුව රුපියල් 600 දක්වා ඉහල නංවා ඇත. එම සැලුන් වල කොණ්ඩය කැපීමට පමණක් රුපියල් 500 ක් අය කරයි.
විදුලි බිල වැඩි වීමට සාපේක්ෂව කොණ්ඩය හා රැවුල කැපීමේ ගාස්තු ඉහල දැමූ බව මාතර නගරයේ කෝණාඩා කපන ස්ථානයක හිමිකරුවෙකු පැවසීය.
කූඩා දරුවන්ගේ කොණ්ඩය කැපීමේ ගාස්තුව ද රුපියල් 300 දක්වා ඉහල දමා තිබේ. මාසයකට පසු පාසල් අද (20) ආරම්භ කෙරෙන අතර එම නිසා ඊයේ පාසල් දරුවන් විශාල පිරිසක් කොණ්ඩා කැපීමට සැලුන් ආයතන වෙත පැමිණ තිබුණි.
ඔවුන්ගෙන් වැඩි කල ගාස්තු යටතේ කොණ්ඩා කැපීමට මුදල් අය කර ගෙන තිබුණේය.