ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි වාර්තා වෙයි.
විදුලි බිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සාපෙක්ෂව මෙසේ ජල ගාස්තුද ඉහළ නැංවීමට නියමිතය.
ජලය නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්රියාවලිය සඳහා වැය වන මුළු මුදලින් 35%ක් විදුලිය වෙනුවෙන් වැය කිරිම ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සිදුව තිබේ.
විශාල විදුලි බිල වැඩිවීම හේතුවෙන් මෙම කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් ජල ගාස්තු ඉහළ නැංවීමට අවධානය යොමුකර ඇත.
කෙසේ වෙතත් ජල ගාස්තු ඉහළ නැංවීමට පරිපාලන මට්ටමින් තවමත් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වෙයි.
ලංකාවේ ජල පාරිභෝගිකයන් මිලියන 3ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් 92%ක් ගෘහස්ත පාරිභෝගිකයන් වන අතර 8%ක් ගෘහස්ත නොවන පාරිභෝගිකයන් වේ.