පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.
මෙම පෙත්සම, පසුගිය 10 වනදා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
කෙසේවෙතත් අදාළ පෙත්සම ලබන 23 වනදා ට පෙර කැඳවන ලෙස ඉල්ලමින් පෙත්සම්කරු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් පසුගියදා මෝසමක් ගොනුකර තිබුණ අතර ඒ අනුව පෙත්සම අද දිනයේදී විභාගයට ගැනෙයි.
එස්. තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවීමට නියමිතය.