නෝටන්බ්‍රිජ් ප්‍ර දේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
කොළඹ ප්‍ර දේශයේදී බස් රථයක් සිරිපා වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරුට මුහුණ දී තිබේ. මෙම බස් රථය තවත් වාහනයකට ඉඩදීම වෙනුවෙන් මාර්ගයේ අයිනට ඉවත් කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.
මෙම බස් රථයේ කාන්තාවන් 15ක් හා පිරිමින් 13ක් ගමන් කර ඇති අතර ඊයේ දිනයේදී කාන්තාවන් දෙදෙනෙකුගේ මල සිරුර සොයාගෙන තිබූ අතර අද පෙරවරුවේ බස් රථයට යටවී සිටි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මහනුවර රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පුද්ගලයන් දෙදෙනෙක් හා පේරාදෙණිය රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පුද්ගලයෙක් ප්‍රතිකාර ලබයි.
