අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් වැඩි කළ ඉන්ධන කෝටාව ඉදිරි සතිය තුළද එලෙසම ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ වැඩි කළ කෝටාව අද දිනයේදි අලුත් කිරීමට නියමිත බවයි.
ඉන්ධන කෝටාව වැඩි කළ දිනවල පරිභෝජනය ඇතුළු සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කර වැඩි කළ ඉන්ධන කෝටාව තවදුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගන්නා බවද ඔහු ඩේලි මිරර් වෙත පවසා තිබේ.
කෝටාව වැඩි කිරීමෙන් පසු ඉන්ධන පරිභෝජනය විශ්ලේෂණය කිරීමේ රැස්වීමක් අද පැවැත්විිමටද නියමිතව තිබේ.
මගී ත්‍රිරෝද රථ (විශේෂ) සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10 සිට 15 දක්වා ද, ත්‍රිරෝද රථ (සාමාන්‍ය) ලීටර් 5 සිට 8 දක්වා ද, යතුරුපැදි ලීටර් 4 සිට 7 දක්වා ද, බස් රථ ලීටර් 40 සිට 60 දක්වා ද, මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වා ද, ඉඩම් වාහන සඳහා 15L සිට 25L දක්වා, ලොරි 50L සිට 75L දක්වා, විශේෂ කාර්ය වාහන 20L සිට 30L දක්වා, සහ වෑන් රථ 20L සිට 30L දක්වා ඉන්ධන කෝටාව වැඩිකර තිබේ.