මෙම වසරේ පළමු කාර්තුවේදී චීනයේ මෝටර් රථ අපනයනය 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව චීන රේගු දත්ත පෙන්වා දෙයි. ඒ සඳහා විදුලි වාහන නැව්ගත කිරීමේ වර්ධනය ප්‍රභල දායකත්වයක් ලබාදී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
2023 පළමු මාස තුන තුළ චීනය වාහන මිලියන 1.07 ක් අපනයනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 58.3% ක වැඩිවීමක් වන අතර නැව්ගත කිරීමේ වටිනාකම යුවාන් බිලියන 147.5 (ඩොලර් බිලියන 21.5) දක්වා 96.6% කින් ඉහළ ගොස් තිබේ.

