බිබිල කරාඩුගල පොලිස් වසමට අයත් පේරණ හංදිය අසලදී ඉකුත් ඊයේ (17දා) ත්‍රීවීල්රථයක් පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් මියගොස් රියදුරු සහ තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි කරාඩුගල පොලීසිය පවසයි.
අම්පාර දෙස සිට බිබිල නගරයට ධාවනයවෙමින් තිබූ ත්‍රීවීල්රථය පේරණ හංදිය පසුකරයාමේදී එකවරම ඉදිරි රෝදය ගැලවී විසිවී ඇති අතර ත්‍රීවීල්රථය එම අවස්ථාවේදී පෙරළී ඇත.
මෙම අනතුරෙන් මහඔය බොරපොල පදිංචි ඩී.එම් විමලාවතී (65) නැමති දෙදරු මවක් මියගොස් ඇත.
ත්‍රීවීල් රථයේ පිටුපස සිටි පානදුර කෙසෙල්වත්ත නුගේමාවත පදිංචිකරුවන් වන සඳරුවන් ප්‍රනාන්දු (13),නදීෂා ගයානි (31) සහ එල්.එස් කුමාර ප්‍රනාන්දු යන තිදෙනා සහ රියදුරු වන සිසිලමාවත නුගේමාවත කෙසෙල්වත්ත පානදුර පදිංචි කසුන් චාමර (31) යන අයද තුවාල ලබා දැනට බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. කරාඩුගල පොලිස් ස්ථානාධිපති ඩී.එම් ප්‍රේමරත්න මහතා පරීක්ෂණ පවත්වයි.