බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නම දෙනාම මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තල්දෙන වරද කරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඊයේ අළුයම් කාලයේ මෙම රැදවියන් 9 දෙනා පළාගොස් තිබුණි. ඔවුන් සියළු දෙනා මුස්ලිම් තරුණයන් නිසා නෝම්බි මෙහෙයන් සදහා වෙනම මැදිරියක රදවා තිබියදී එම මැදිරියේ යකඩ කම්බියක් කපා කපා එම ස්ථානයෙන් ඔවුන් පළාගොස් තිබූ බව විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
රැඳවියන් විසින්ම ලබාදුන් තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිළධාරින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී තරුණයන් දෙදෙනෙක් එදිනම උදෑසන තල්දෙන බන්ධනාගාර නව ගොවිපල අසලදී අත්අඩංගුවට ගැනීමට සමත්විය.
කන්දකැටිය පොලිසිය ගම්වැසියන්ගේ සහාය ඇතිව කළ සෝදිසියේදී (17) සවස 6.30 ට පමන තවත් තරුණයන් හතර දෙනෙක් කන්දකැටිය බදුළුඔය සමීපයේ කුඹුරයායක් අසලදී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පැවසීය.
ඉතිරි තරුණයන් තිදෙනා බන්ධනාගාර නිළධාරින් විසින් කන්දකැටිය කිරිවෙහෙර බදුළුඔය සමීපයේ සිදුකල සෝදිසියේදී අද (18) අළුයම 4.00 ට පමණ අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප්රකාශයෙක් පැවසීය.
මෙම තරුණයන් වයස අවුරුදු 23,24,25,26 යන වසස් ඛාන්ඩ වලට අයත් මත්ද්‍රව්‍ය වැරැදි සම්බන්ධයෙන් රදවා සිටි අය බවත් ඔවුන් විශෝධනයෙන් පසු මාස දෙක තුනක් තුළ නිදහස් කිරීමට නියමිතව තිබූ අයත් බවත් බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන්කළේය.
අද (18) දින ඔවුන් අධිකරණයට ඉරිපත් කිරීමට නියමිතය තිබිණ . මෙම විශෝධන මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය වලට වැරදි කරුවන් වූ තරුණයන් 376 ක් රඳවා සිටිති. රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 48 ක් පමණි
පාලිත ආරියවංශ