අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ ( අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය.
එම කාලය තුළ වාහන දෙලක්ෂ 56225 ක ප්‍රමාණයක් ධාවනය වී ඇතැයි ඒ මහතා කිය.
මාරාන්තික අනතුරු නොවීම විශේෂත්වයක් බවත් ධාවනය වූ වාහන ගැටීමෙන් අධිවේගී මාර්ගයේ ස්ථාන 41 දේපළ වලට පමණක් අලාභ සිදු වී ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉකුත් 15 දින හා 16 දින භාවිතා කිරීමෙන් ආදායම ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.