බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාව ලබා දී තිබූ ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ.
මීට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කල් ඉල්ලා සිටියත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ කටයුතු මේ වන විටත් අවසන්ව නොමැතිවිම හේතුවෙන් එම ණය ගෙවීමේ හැකියාවක් තවමත් ශ්‍රී ලංකාවට නොමැත.
මාස හයකින් පසුව පළමු වාරිකය මේ වසරේ අගෝස්තු මාසය වන විටත් තවත් වාරිකයක් සැප්තැම්බර් මාසය වන විටත් ලබා දෙන බවට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බව බංග්ලාදේශ බැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
මෙම දීර්ඝ කිරීමෙන් අනතුරුව නැවත වරක් ණය ගෙවිමේ කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා තහවුරු කළ බව තලුක්දර් මහතා පැවසීය.
බංග්ලාදේශයෙන් ලබාගත් ණය පහසුකම ආපසු ගෙවිම මේ වන විට අවස්ථා තුනකදී දිර්ඝ කිරීමට කටයුතු කර තිබේ.