මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය කියයි.
අමාත්‍යවරයාගේ ආරක්ෂකයා ද තුවාල ලැබූවන් අතර වන බව පොලිසිය කියයි
අමාත්‍යවරයා ගමන්ගත් කැබ් රථය රුවන්වැල්ල සිට කරවනැල්ල දෙසට ධාවනය වෙමින් දී මාර්ගයේ ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් මෙම අනතුර වී ඇත
අනතුරින් කැබ් රථය ඉදිරිපසට බරපතළ අලාභ සිදු වී ඇත
රුවන්වැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ තුෂාර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ පියතිස්ස මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි