ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකවේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනයේ අවධානය යොමුව තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා ජයිකා ආයතනයේ දකුණු ආසියා ජ්‍යෙෂ්ඨ උප සභාපති ඉමෝටෝ සචිකෝ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අණාවරණ්ය වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය වීමට ජයිකා ආයතනයේ කැපවීම මෙහිදී අවධාරණය කර තිබේ.
ඒසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය වීම සඳහා ජපානය ප්රමුඛව කටයුතු කර බව ජපාන ජාත්‍යන්ත කටයුතු පිළිබඳ උප අමාත්‍ය කෙන්ටාරෝ ඔගාටෝ මහතා සඳහන් කර තිබේ.
මෙම හමු ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීමට සමගාමීව පැවැත්වීය.