saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4569 hours ago

LATEST

රුමේනියාවේ රැකියා ලෙස fb දැමු ඉතාලි ජාතිකයෙක් ඇතුළු 04ක් අල්ලයි

calendar_today 2022 නොවැ 21 - 12:14 remove_red_eye - 345  

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළකර නීති විරෝධි අයුරින් සම්මුඛ සාකච්චාවකට තරුණ තරුණියන් කැඳවූ බවට චෝදනා ලැබූ ඉතාලි ජාතිකයෙක් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (21දා) බදුල්ල මහේස්ත්‍රාත් අධික

අයවැය කතාවේ අඩංගු අඩුපාඩු වෙනුවට රට නිවැරදි ගමනක් කරා යොමු කරවීමට ප්‍රධාන වශයෙන් විසඳුම් 6ක් ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී කටයුතු කළ ආකාරය සහ ඊට සහභාගී වූ පුද්ගලයන් පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ විය.

Read More

පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි පවසයි.

Read More

දෙමෝදර ආරුක්කු නවය පාලම ඇතුළු දුම්රිය පාලම් 850ක් පමණ මේ වන විට අබලන් තත්ත්වයේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.

Read More

වේවැල්වත්ත, හපුගස්තැන්න වතුයායේ ඉඩමක මැණික් සේවීමේ අරමුණින් පතලක් කපමින් සිටි පුද්ගලයෙකු එම පතලේ පස් කණ්ඩියක් කඩා වැටී එයට යටවිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

කන්තලේ සීනිපුර යාය හතර කලාපයේදි මවගෙන් වෙන්ව සැරිසැරූ අලිපැටවෙකු ඊෙය් (20) වන ජිවි නිලධාරින්ට හමු වි ප්‍රතිකාර සදහා රැගෙන යෑමට සුදානම් වෙද්දි මියගිය බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

කාර්යාල දුම්රිය කාල සටහන වෙනස් කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

Read More

ආයූර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයට කිසියම් පිරිසක් බළාත්කාරයෙන් මෙන් ම අනවසරයෙන් ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

Read More

ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත්විය. මෙම තරගය ඊයේ (20) රාත්‍රී කටාරයේ අල්-බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විනි. මෙහිදී ඉක්වදෝරය ලබාගත් ගෝල දෙකේම හිමිකරුවා වූයේ ඉදිරිපෙළ ක්‍රීඩක එනර් වලෙන්සියාය.

Read More

ව්‍යාජ බැංක ලේඛණ සකස් කර රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.

Read More

චීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

මෙවර පාපන්දු ලෝක කුසලානයේදී තරග විනිශ්චය කිරීම සදහා විනිසුරුවරියන් යොදා ගැනීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) තීරණය කර ඇත. ඒ අනුව පිරිමි පාපන්දු ලෝක කුසලානයක් සඳහා කාන්තාවන් ප්‍රධාන තරග විනිසුරු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වනු ඇත.

Read More

අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

දියවැඩියාවෙන් වසරකට ලෝක ජනගහනයෙන් මිලියන 5.1 ක් බවත් ශ‍්‍රී ලංකාවේ මිලියන 2.1 කට අධීක සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පිඩා විදින බව දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරිම වෙනුවෙන් මහනුවර නගර‌යේ සංවිධානය කර තිබූ පාගමනකදී හෙළි විය.

Read More

අපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒ්වා ජනප්‍රිය තීරණ නෙමෙයි. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම ඒකෙන් යම්කිසි කොටසකට අමාරුවක් පීඩාවක් සිදුවෙනවා.

Read More

කිම් ජොන්ග්-උන් ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේද ඉතා අල්පයකි.

Read More

සෙස් බදු පැනවීම හේතුවෙන් අභ්‍යාස පොත් හා පාසල් උපකරණ මිල ඉහළයන්නේ යැයි පැවැසෙන ගැටලුව පිළිබඳව හෙට දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයනත් මහතා පැවැසිය.

Read More

පෝලන්තයේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර අසර්බයිජානයේ පුද්ගලයින් අතරමංකල ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ට්විටර් හි පෙර කළමනාකාරීත්වය මෙසේ ක්‍රියා කරනු ලැබුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ජනවාරි 6 වැනි දින වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද කැපිටල් වෙත කඩා වැදී දින කිහිපයකට පසුවය.

Read More

ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට පළාත් මට්ටමින් කමිටු 08ක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ අනුව උතුරේ සහ දකුණේ සියලු ඉඩම් ගැටලු නිරාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

වී, බඩඉරිඟු, තේ, රබර් ඇතුළු සියලු වගාවන්හි වල්මර්දනය සඳහා විශාල බලපෑමක් එල්ල කළ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

Read More

මම දැන් පොතක් ලියලා තියෙනවා. මම ඒ්ක ජනවාරි මාසයේ පිට කරන්න ඉන්නවා. ඒ් පොතෙත් යම් යම් කරුණු තියෙනවා රටේ ජනතාව නොදන්නා දේවල්. සමහර විට පොත පිටවුණාට පස්සේ මට මොනවා වෙයිද දන්නේ නෑ

Read More

පරිසර දූෂණය අවම කිරීම සහ උෂ්ණත්වය පහත වැටීමත් සමග බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා චීන පළාත් කිහිපයක් න්‍යෂ්ටික බලශක්ති උණුසුම් කිරීමේ ව්‍යාපෘති දියත් කර ඇත.

Read More

රටේ ආර්ථිකය ගොඩ නැගීමේ චේතනාවෙන් යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ 19දා ඇඹිලිපිටියේ දී පැවසූහ.

Read More

’’ලෝකේ කොහේ හරි හොරකමක් වුණොත් එතන කවුරුහරි ඉන්නවා. රැජිනගේ මල ගෙදරට රනිල් යද්දී එංගලන්තයේ මහ බැංකුවට සීල් තැබුබා කියලා කතාවකුත් යනවා. අපි මේ රටේ පාලන බලය ඇරගෙන ලංකාව ගැන තියන ප්‍රතිරුපය වෙනස් කරන්න කටයුතු කරනවා’’

Read More

දශක හතක දේශපාලන දිවියේ නොසිතූ පරාජයක් අත්විදිමින් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට සෙනසුරාදා මුහුණ දුන්නේය.

Read More

කොළඹ නෙලුම් කුලුනේ එක මහලක් සිංගප්පූරු සමාගමක් වෙත කුලියට දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව එහි පාදමේ දෙවැනි මහල කැසිනෝ, ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද ප්‍ර දේශයක් වෙනුවෙන් කුලියට ලබාදීමට නියමිතය. ඒ හරහා නෙලුම් කුලුන පුද්ගලික සමාගම වෙත වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක මුදලක් කුලිය ලෙස ලැබීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.