අක්කර පහක වගා ඇති අයට ඕනනම් ගිනිඅවි බලපත්‍ර
වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
මේ පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුයේ වසරක් තුල විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මේ පියවර ගත් බවයි.
මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා කරනු ලබන ධනාත්මක වැඩසටහන් පිළිබඳ රජය විසින් අවධානය යොමු කර ක්‍රියාකරන බව ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය තෙන්නකෝන් වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය දෑ රට තුළම නිෂ්පාදනය කිරීමට සහ රටේ කෘෂිකර්මාන්තයේ දියුණු කිරීමට ගොවි ජනතාවට ශක්තිමත් අත්වැලක් සැපයීමට පසුබිම සැලසීමට නොපසුබටව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳ වැඩිදුර විස්තර අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකි බව මේ සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
popular news
-
Kumar Thursday, 18 May 2023 04:04 PM
thawa tika kalakin americawe wagey wasa 18 ihala saama kenatama gini aviyak labaaganna puluwan wenawa. prvurthi magin americawe siduwena wedithbeem gana asanna labenawa athi neda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

