කටුනායකට පික්මී හා ඌබර් එනවට විරෝධයක්
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අලුතෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති " පික් - මී " සහ " ඌබර් " කුළී රථ සේවාවන් පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ කුළී රථ සංගම් වල රියැදුරුවරුන් සිය විරෝධතාව 05/18 දින පස්වරුවේ පළ කර සිටියහ.
කටුනායක ගුවන් තොටුපළ තුළ කුළී රථ සංගම් තුනක් යටතේ ලියාපදිංචි වූ කුළී රථ 1,400 ක් පමණ තිබේ . මෙම සංගම් 1980 වසරේ තරම් දීර්ඝ කාළයක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළ මගීන් සදහා සේවා සපයමින් සිටියි.
මේ වනවිට මෙම කුලී රථ වලට අමතරව තවත් පෞද්ගලික සමාගම් සහ ආයතන කීපයක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ කාර්යාල පවත්වා ගනිමින් දෙස් - විදෙස් සංචාරකයන් සදහා ප්‍රවාහන සේවා සපයමින් සිටියි.
මීට අමතරව තවත් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ තුළ නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් පැමිණෙන ගුවන් මගීන් සදහා ප්‍රවාහන පහසුකම් සපයයි.
එසේම ශ්‍රී ලංගම දුර ගමන් සේවා බස් කීපයක් අම්පාර, කල්මුණේ, අක්කරෙයිපත්තුව ආදී ප්‍රදේශ වලට සහ පෞද්ගලික බස් රථ කොළඹ බලා ගුවන් තොටුපළ ඉදිරිපිට සිට ධාවන කටයුතු සිදු කරමින් සිටියි.
මේ නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ ලියාපදිංචි කුළී රථ ධාවක රියැදුරන් වෙත සතියේ දින පහකට වරක් එක් ගමන් වාරයක් හිමි වන තත්වයට පත් වී තිබේ.
බොහෝ කුළී රථ ෆිනෑන්ස් පහසුකම් යටතේ මෙම රථ ලබා ගෙන ඇති අතර අමතර කොටස් සහ ටයර් මිල ගනන් ද මහත් සේ ඉහළ ගොස් ඇති අවධියක තවත් වෙනත් ජාත්‍යන්තර කුළී රථ සමාගම් දෙකක් ද ගුවන් තොටුපළ තුළ ධාවනයට එක් කිරීම නිසා මෙම කුළී රථ රියැදුරන්ට තම පවුල් නඩත්තු කිරීමට පවා අපහසු තත්වයකට ඔවුන් පත් වී ඇති බව එම රියැදුරන් පවසයි.


popular news
-
janahitha Friday, 19 May 2023 03:14 AM
anthima smaja dushakayan damarikayan bohomayak mema iniya taxi thula sidu venava sthri dushanaya barapathala ekak mevaye adayam guvanthotupala mafiya niladarintath labenava vahama venath jathyanthara guvan thotupalamen aNUMATHA KULIRATHA SEVAYAK NIDAHAS LESA ATHI KALAYUTHUMAYA
Reply : 0 0
ටිකිරි නිළමේ Monday, 22 May 2023 05:57 PM
එයාර්පෝර්ට් කුලී රථ මාෆියාව නැති කල යුතුමයි! තක්කඩි දදේශපාලකයන් ඉතිහාසය පූරාම වරින් වර හෙංචයියන් යොදවා කරන මගීන් හූරාකෑම තවදුරටත් සිදුවිය යුතු නැහැ. ගෝත්‍රික ක්‍රම වලින් බැහරව, ශිෂ්ඨසම්පන්න, ක්‍රමවත් හා සාධාරණ කුලීරථ සේවාවක් ස්ථාපිත කල යුතුයි !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

