මධ්‍යම ආසියා සමුළුව ඇරඹෙයි

මධ්‍යම ආසියා සමුළුව අද (18දා) චීනයේ ෂියෑන් හි දී ආරම්භ විය. මෙය චීනයේ පැවැත්වෙන පළමු වතාව වන අතර මේ සඳහා මධ්‍යම ආසියානු රටවල් 5ක නායකයින් සහභාගි වී සිටියි. සමුළුව ආරම්භ කරමින් චීන වේලාවෙන් සවස 7.30ට සමාරම්භක උත්සවය ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා චීනයේ ජනාධිපති ෂී ජිංපිං මහතා සහ මධ්‍යම ආසියානු රටවල ජනාධිපතිවරුන් සහභාගි විය.
සමුළුව චීනයේ ශාංෂි ප්‍රාන්තයේ ෂියෑන් හිදී පැවැත්වේ. මෙවර සමුළුව චීනයේ ජනාධිපති ෂී ජිංපිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, හෙට (19දා) චීන ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
මේ සඳහා කසකස්ථාන්, කිරිගිසිස්ථාන්, තජිකිස්ථාන්, උස්බෙකිස්තාන්, ටර්ක්මෙනිස්තානය යන රටවල ජනාධිපතිවරුන් සහභාගී වී සිටින අතර, අද (18දා) චීන ජනාධිපතිවරයා විසින් තජිගිස්ථාන් සහ කිරිගිස්ථාන් යන රටවල ජනාධිපතිවරුන් හමුවිය. මෙය මෙම වසරේ මෙහි පැවැත්වෙන පළමු රාජ්‍යතාන්ත්‍රික උත්සවය වන අතර , එහිදී මෙම රටවල් සඳහා වැදගත් වන ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා විය.
මෙම සමුළුවෙන් පසු මෙම රටවල ජනාධිපතිවරුන් සඳහා චීනයේ රාජ්‍ය සංචාරයක් ද සැලසුම් කර ඇත. මෙම රටවල් සමඟ වසර 31 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇති අතර, ඉන් පසු පැවැත්වෙන පළමු ඉහළ පෙළේ රැස්වීම මෙම සමුළුව වන අතර එය ආසියානු රටවල් අතර ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන තිබේ
නවෝද්‍යා පවනි (චීනයේ සිට)
popular news
-
Kumar Friday, 19 May 2023 03:40 PM
pohosath ratwal japanaye rasweemak pawathawana athra cheenaye naya ugula asuvuna ratawal cheenaye rasweemata sahabagiwenawada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

