මුලතිව්හි යුද සැමරුමක්
යුද්දය අවසන් වී වසර 14 ක් පිරීම සහ අවසන් යුද්දය හේතුවෙන් යුද්දයට මැදිව මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් විශේෂ යුද සැමරුමක් හෙට (18) දින මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට ඇති යුද සැමරුම් ස්මාර්කය අසලදී පැවත්වෙයි.
මුල්ලිවයික්කාල්හි යුද්දයෙන් මියගිය ඥාතීන්ගේ සංගමය, දෙමළ සංස්කෘතික සභාව, සිවිල් සංවිධාන සංවිධානත්වයෙන් මෙම යුද සැමරුම් උත්සවය පවත්වන අතර මේ සඳහා යුද්ධයෙන් පීඩාවන්ට පත් සියලු ජනතාවට හෙට උදෑසන මුල්ලිවයික්කාල් මුහුදු සීමාවට පැමිණෙන ලෙසටද ආරාධනා කොට ඇත.
හෙට දිනයේදී උතුරු පලාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිව්හි නැවත් පදිංචි වූ යුද්දයෙන් මිය ගිය අයගේ ඥාතීන්, යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් , දේශපාලන නියෝජිතයින් මෙන්ම ආගමික නායකයින්ද මුල්ලි වයික්කාල් යුදසැමරුම් අවස්ථාව සඳහා සහභාගී වෙයි.
යුදසැමරුම් අවස්ථාවට සහභාගී වන සියලු දෙනා මුල්ලි වයික්කාල් භූමියේ ඉදිකොට ඇති යුදසැමරුම් ස්මාර් කයට මල්පහන් දල්වා පූජා කොට මිය ගිය ඥාතීන් වෙනුවෙන් සෙත් ශාන්ති පැමිණවීම සිදුකරනු ලබයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

