ජනපති හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර හමුව අද
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති වී තිබෙන ගැටලු පිළිබඳ අද (18දා) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පවතින ආර්ථික අර්බුදය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රටහැර යමින් තිබෙන බවත්, මේ පිළිබඳ හා විශ්වවිද්‍යාල පද්ධතියට ඇති වී තිබෙන අනෙකුත් ගැටලු පිළිබඳමූලික වශයෙන් සාකච්ඡා කරන බවත් එම සංගමයේ ලේකම් මහචාර් රෝහන් ලක්සිරි මහතාසඳහන් කළේය.
අදාළ සාකච්ඡවේදී වෘත්තිකයන්ගෙන් අයකරන බදු පිළිබඳ මාතෘකාව සාකච්ඡා කළහොත් ඒ පිළිබඳවත් සාකච්ඡා කරන බවද එම සංගමයේ සභාපති මහාචාර් බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා පැවසීය.
වෘත්තිකයන්ගෙන් අයකරන අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන්කටයුතුවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලදී.
එහෙත් පසුව උසස්පෙළ සිසුන් ගැන සලකා බලා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කිරීමේ කටයුතුවලට මේ වනවිට ආචාර්වරුන් සම්බන්ධ වී සිටිති.
මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඉල්ලීම වී තිබුණේ,තම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව අදාළ සාකච්ඡාව අද සවස ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

