කරවලවල ලුණු වැඩියි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්වෙළෙඳපොළෙහිඇති කරවලවල ලුණු අඩංගු කිරීමට ලබාදී ඇති ප්‍රතිශතය12%ක් පමණක් වුවද, මේ වනවිට ඒවායෙහි25%ක් පමණ ලුණු අඩංගු බවඋතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය මාලිකා උඩගෙදර මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ මහත්මිය පෙන්වා දුන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන ප්‍රමාණයට සාපේක්ෂවදෙගුණයකටත් වැඩි ප්රමාණයක්දෛනිකව ශ්‍රී ලාංකිකයන් ලුණු ශරීරගත කරන බවයි.
ඒ අනුව ප්‍රධාන වශයෙන් නිවසේපිසින ආහාර මගින් වැඩි වශයෙන් ලුණු ශරීරයට එක් වන බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරිය, ශ්‍රී ලංකාවේ 50%ක් පිසිනබත්මුට්ටියටලුණු දමන බවද සඳහන් කළාය.
ඒ අනුව එය ඉතාම අහිතකර,අනවශ්‍ය කරුණක්වන බවත්, ඊට අමතරවප්රධාන වශයෙන් කරවල, බිස්කට්සහ පාන් මගින් අධික ලුණු ප්‍රමාණයක් ශරීරගත වන බවත් මාලිකා උඩගෙදර මහත්මිය පෙන්වා දුන්නාය.
වැඩුණු මිනිසෙකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 05ක් පමණ වන අතර,මේ වනවිටදිනකටගනු ලබන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 14ක්ප මණවන බවට ඇයවැඩිදුරටත්සඳහන් කර සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (17දා) පැවතිමාධ්‍ය හමුවකට එක්වෙමිනි.
popular news
-
Kumar Thursday, 18 May 2023 04:10 PM
pasugiya maasaye aptath lankawen yapanaye katta karola labuna. lankawe kiyanawawagey badwala gatagasenna tharam lunu thibuna. payathunak pamana diyedama thabuvita lunugathiya aduwenawa. pusgiya wasareth lankawen gena haalmassoth ehwagemayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

