පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක් තුළදී වයස අවුරුදු හයයි මාස නවයක් වයසැති දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
දැරියට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වූ දැරිය ගමන් ගන්නා වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත දැරිය රෝහල් ගත කර ඇත.
ප්‍රභූ ආරක්ෂක අංශයට අයත් කොස්තාපල්වරයකු ගේ දියණියක් වන දැරිය පාසල් වෑන් රථයෙන් පිලියන්දල පාසල කරා පැමිණෙන අතර ඊයේ (17) දහවල් පාසල නිමවීමෙන් අනතුරුව වෑන් රථ රියදුරා විසින් දැරිය රැගෙන විත් වෑන් රථය තුළට ගොඩකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව එම වෑන් රථ රියදුරා අනික් දැරියන් රැගෙන ඒම සඳහා පාසලේ ගේට්ටුව අසලට යාමේදී වෙනත් පාසල් වෑන් රථ රියදුරකු වෑන් රථය කරා පැමිණ දැරියගේ ශරීරය අතපතගාමින් දැරියට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.
ලිංගික අතවර කිරීමට පෙර දැරිය ගේ මූණට යමක් ඉසිමෙන් අනතුරුව දැරියට නින්ද ගිය බවට පැමිණිල්ලෙන් පැවසුව ද විමර්ශනවලදී ඒ බව තහවුරු වී නැති බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය.
අතවරයට පත් දැරිය ගමන් ගන්නා වෑන් රථයේ පාලිකාවක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව එහි ගමන් ගන්නා දරුවන්ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැරිය ගමන් ගන්නා වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩා දරුවන් පාසල් වෑන් රථ කරා යොමු කිරීමේදී වෑන් රථයේ අභ්‍යන්තරයේ තිබෙන පහසුකමට වඩා විශේෂයෙන් එහි පාලිකාවක් සිටීද යන්න දැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් සේම, දෙමව්පියන්ගේ වගකීමක් බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර පාසල් වෑන් රථ රියදුරු වයස අවුරුදු 50ක් පමන වන ගැහැනු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත පියංගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පරීක්ෂණ පවත්වයි