අද (18දා) දිනයේදී දිස්ත්‍රික්14 ක ඇතැම් ස්ථානවල ශරීරයට දැනෙන උණුසුම අවධානය යෙමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව පුත්තලම, කුරුණැගල, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, මොනරාගල, හම්බන්තොට, අනුරාධපුර, මන්නාරම, මුලතිව්, යාපනය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙම තත්ත්වය ඇතිවිය හැකි බව පෙන්වා දෙයි.
මේ නිසා එම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් ලෙස ජලය පාලනය කළ යුතුය. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වී කුඩා දරුවන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් ඉල්ලා සිටියි.
සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාරමේන්තුව ඉල්ලා සිටියි. උණුසුම් දර්ශකයට අනුව දර්ශක අගය 39 ත් 45 ත් අතර අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින අතර 46 ත්52 ත් අතර දර්ශක අගය, වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින අතර 52 අගය අනතුරුදායක මට්මක පවතින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.