රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා මෙරටට ආනයනය කිරීම සීමා කර ඇති වාෂ්ප දුම්වැටි තොගයක් අද (18දා) කොළඹ වරාය ග්‍රේ ලයින් පර්යන්තයේ දී ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ
( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය.
ඩුබායි සිට ව්‍යාජ සමාගමක නමට මෙරටට ගෙන්වා තිබූ අතර මෙම දුම්වැටි " ශීෂා " නැමැති උපකරණය භාවිතා කර වාෂ්ප දුම් පානය කිරීම යොදා ගනියි.
මෙම දුම්වැටිය තුළ නිකොටින් 0.05% අඩංගු බව සොයාගෙන තිබේ. කොළඹ වරාය පාලන අංශය අන්තර්ජාතික රේගු ජාවාරම් මැඩලීම සඳහා පිහිටුවා ඇති ආයතනයකි.

