saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4552 hours ago

LATEST

ඇමෙරිකාව හා ද.කොරියාව උ.කොරියාවට ප්‍රතිචාර දක්වයි

calendar_today 2022 නොවැ 18 - 17:30 remove_red_eye - 579  

කොරියානු අර්ධද්වීපයේ උණුසුම ආසන්න කාලසීමාව තුළ තීව්‍ර වී තිබුණේ, උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සිදුකිරීම නිසාය.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරලියක් සනිටුහන් කරමින් ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 26 වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ 01 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට සියලු පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය .

Read More

ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට යෝජනා කරන,මෙවර ’’අය - වැයට’’ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි එම සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකයේ උද්ධමන අනුපාතය ජපාන බැංකුවේ (BOJ) 2%ක උද්ධමන ඉලක්කයට වඩා අඛණ්ඩව හත්වැනි මාසය සඳහා ඉහළ මට්ටමක පැවතුණි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට අග්‍රාමාත්‍ය කාර්ලායලය අසළදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමට පොලිසිය පියවර ගත්තේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පනත් කෙටුම්ප‍ත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හහතා පැවැසිය.

Read More

මෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට හැකි වනු ඇති අතර, ඔවුන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගමන් කළ හැකි දුර දෙගුණ වී තිබේ.

Read More

විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක්ගේ සිරුරක් කළුතර නිවසක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී අද (18දා) උදෑසන හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More

සාලියපුර ගජබා රෙජිමේන්තුවට අයත් ශ්‍රි ලංකා යුද හමුදාවේ මේජර්වරයෙක් ඇතුළු තිදෙනෙක් ඊයේ රාත්‍රි යේ සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

වයස අවුරුදු 42 ක කාන්තාවක සහ 7 සහ 4 වියැති ඇයගේ කුඩා දරුවන් දෙදෙනා බලහත්කාරයෙන් නිවසක සිරකර ගෙන සිටී වැලිපැන්න පොලිසියේ සැරයන්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය.

Read More

මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් තිබේ. පෝද්දල පදිංචි පාතාල සාමාජිකයන් දෙදෙනකු මෙසේ මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට අද දිනයේදි වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි. කෙසේ වෙතත් උතුරු හා නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ක්‍රියාත්මක නඩු විභාගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන වට ඔස්ට්‍රේලියානු ඩොලර් 380000ක් (ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 96ක්) පමණ ගෙවා ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය පවසයි.

Read More

නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ සංචාරක පැමිණීම් 27,213 ක් වූ අතර, වසර සඳහා සංචාරක පැමිණීම් ලක්ෂ 6 ඉක්මවා යාමට ආසන්න දුරකින් ශ්‍රී ලංකාව පසුවෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව ජනවාරි 01 සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 595,471 ක් පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය පොත් පත් මුද්‍රණය කර ලබා දෙන බව ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණ කළේය. පොත් පත් සඳහා අවශ්‍ය කඩදාසි එම මුද්‍රණ ආයතකන විසින් ආනයනය කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ නව කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා රජය කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර උපදේශක ලෙස පත්කර ඇති මාලදිවයිනේ කථානායක මොහොඩම් නෂීඩ් මහතාට ඊජිප්තුවට යෑමට රජයේ මුදල් වැය නොකළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දුන්නේ යැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තා දෙක පිළිබඳව එම කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

චීනය සැමවිටම මිත්‍රයෙකු සහ හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට සංවර්ධනය කිරීමට සහාය දෙන බව චීනයේ විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන ජනතා සංගමයේ සභාපති ලින් සොංග්ටියන් මහතා පවසයි.

Read More

වායු රයිෆලයකින් හිසට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටි පස් හැවිරිදි පිරිමි දරුවා අද (17) උදෑසන මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.

Read More

මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත් කියන දේ කියන කරන දේ කියන ගුණය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙරට කාන්තාවන් 12දෙනෙකු සංචාරක වීසා මත ගෙන ගොස් ගණිකා වෘත්තිය සඳහා ඕමානයේ පැවති උත්සවයකදී ප්‍රසිද්දියේ වෙන්දේසි කර තිබෙන බවත්, මේ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය අඩුකිරීමක් කිරීමට චීනය සූදානම් නොමැති බවට ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය. අයවැය විවාදයට එක්මෙින් ඔහු මේ බව පැවැසීය.

Read More

පෞද්ගලිකව කළ සාකච්ඡාවක තොරතුරු මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා විසින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වෙත සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.