ජුලි මස 01 වැනිදින සිට විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවෙහි විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ 3% ක අඩු වීමක් බවත්, මෙම ප්රතිශතය සකස් කර තිබෙන්නේ වැරදි දත්තමත බවත් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මහජන උපයෝගිතා කොමිසමේ ගණනය කිරිම් අනුව මේ මොහොතේ විදුලිබිල 27%කින් අඩු විය යුතුව තිබෙන බවද, මේ නිසා අඩුම වශයෙන් 20% ප්රමාණයකින් විදුලිබිල පහළ යා යුතු බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මාසයේදී 75% කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බවත්, මේ වසරේ පෙබරවාරි මාසයේදී නීතියට පිටින් 65% කින් මිල ඉහළ දැමූ බවත්,මෙසේ කරනු ලැබුවේ වැරදි දත්ත පදනම් කරගෙන බවත්හෙතෙම පවසා සිටියේය.
මේ අවස්ථාවේදීත් මහජන උපයෝගිතා කොමිසමට නිවැරදි දත්ත ඉදිරිපත් නොකර විදුලිබිල 3% කින් අඩු කිරීමට විදුලිබලමණ්ඩලය යෝජනා කර තිබෙන බවත්, මේ නිසා නිවැරදි දත්ත ලබා දෙන ලෙසට විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලිම් කර තිබෙන බවත් සඳහන් කළේය.