මෘදුකාංග ඉංජිනේරුවරයෙකුට අයත් රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ලෑන්ඩ් කෘෘෂර් වි එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් රුපියල් ලක්ෂ 30කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
මාසිකව රුපියල් දෙලක්ෂ 80000 මුදලක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකට ලබාදුන් සුඛෝපභෝගී ජීප් රථය අස්ථානගත කර ඇතැයි රාජගිරිය ප්‍රදේශයේ මෘදුකාංග ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කර තිබු බව පොලිසිය කියයි.
එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන පුද්ගලයා සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ප්‍රදේශය අත්හැර පලා ගොස් තිබූ අතර වාහනයට සවිකර තිබූ ජී පි එස් උපකරණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය සෙල්ල කතරගම ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.
ඒ අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සෙල්ලකතරගමට ගොස් අදාල ජීප් රථය සමග එය පැදවූ රියැදුරු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නුගේගොඩ ප්‍රදේශයේ වාහන අලෙවි කරන ස්ථානයක ව්‍යාපාරිකයෙකු දෙමටගොඩ සිය ආයතනය වෙත පැමිණ මෝටර් රථ පැවරීමේ පෝරමයක් සමඟ වාහනය ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 30 කට උකස් තැබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම පුද්ගලයාගේ ප්‍රකාශ මත සුඛෝපභෝගී ජීප් රථයේ උගස් තැබූ බව කියන නුගේගොඩ වාහන අලෙවි ස්ථානයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ඔහුගේ ව්‍යාපාර මේ වන විට පාඩු තත්ත්වයේ පැවතීම හේතුවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පළා ගොස් සිටින කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.
